තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (14) රාත්‍රියේ ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව ගම්පොල පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටය.

සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...