බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග වලට අනුව, මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වූ සිංගප්පූරු ජාතිකයකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් සිංගප්පූරු රජය සමග විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කොට ඇත.

මේ වනවිට අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට නැවත ගෙන්වා ගැනීමට සිංගප්පූරු නීතිය බාධාවක් වී තිබීම හේතුකොට ගෙන එම තත්ත්වය මගහරවා ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී ඇති බව පැවසේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සමගද ඉතා රහසිගත ලෙස සාකච්ඡා වටයක් බලධාරීන් විසින් පවත්වා ඇති බවද ‘මව්රට’ වාර්තා කරයි.

රාජපක්ෂවරුන්ගේ ඇමරිකානු වත්කම් !

මීට අමතරව බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ නමට ඇමෙරිකානු භූමිය තුළ තිබෙන වත්කම් සම්බන්ධයෙන් ද විශේෂ මෙහෙයුමක් මේ වනවිට තිරය පිටුපස ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.

‘මව්රට’ වාර්තාකර ඇති පරිදි, ඇමෙරිකානු රජයේ ආයතන කීපයක් සමග දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වා ඇති අතර, අදාළ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාව පැත්තෙන්ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවක් දැනගන්නට තිබේ.

ඒ අනුව, ඉදිරි කාලවකවානුවේදී මෙම කරුණු දෙක මුල්කරගෙන ප්‍රබල අනාවරණයක් සිදුකිරීමට ආණ්ඩුව පැත්තෙන් කටයුතු සිදුකෙරෙමින් පවතින බවක්ද වාර්තා වේ.

යම් හෙයකින් මෙම සිදුවීම් දෙක සාර්ථක අවසානයක් කරා ගෙන යෑමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණහොත් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බවක්ද දැනගන්නට ඇත.

මහබැංකු බැඳුම්කර වංචාවේ මහමොළකරුවන්ට දඬුවම් දීම සහ රාජපක්ෂවරුන් විසින් විදෙස් රටවල සඟවා ඇති ධනය නැවත රටට ගෙන්වීම ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මාලිමාව විසින් රටට ලබාදුන් ප්‍රධානම පොරොන්දු දෙකකි.

Latest News

More like this

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...
error: Content is protected !!