අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ආරක්ෂක හේතූන් මත බව පවසමින් යළි මෙරටට පැමිණීමට ඉල්ලීමක් කර ඇති බවට පසුගිය 12 වෙනිදා වාර්තා වුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක, වනිදු හසරංග, අසිත ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ජෙෆරි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂණ එම අවස්ථාවේදී, අලුයම 3ට ඉස්ලාමාබාද් නුවරින් පිටත්වීමට ගුවන් ටිකට්පත් වෙන්කරවාගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණි.

මෙම තත්වය මතුවීමත් සමග දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, විශේන් හැළඹගේ, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයින්ගෙන් සංචිතයට එක් කිරීමටද සැලසුම් කර තිබූ බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම ගොස් සිටින නිලධාරීන් අතර සිදුවූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව අවසානයේදී ක්‍රීඩකයින් එකඟ වී ඇත්තේ තරග සංචාරය සඳහා එක්වීමට කැමැත්ත පළ කර ඇති බව අදාළ වාර්තාවේ තොරතුරු ඇතුළත්.

අදාළ සාකච්ඡා සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකද, ඔහුගේ මග පෙන්වීම යටතේ ආරක්ෂක ලේකම්වරයාද මෙම සාකච්ඡා සඳහා එක්වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණේ එවන් පසුබිමකය.

ක්‍රීඩකයින්ගේ තීරණ සඳහා තුන්වැනි පාර්ශ්වයක් බලපෑම් කර ඇත්ද යන්න විමර්ෂණයක් සිදු කළ යුතු බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ වන විට එළඹෙන ශ්‍රී ලංකා පාකිස්ථාන සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට සහභාගී වීම සඳහා පන්දුවාර 20 සංචිතයට නම් කළ ක්‍රීඩකයින් පකිස්ථානයට පැමිණ සිටින අතර, චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයින්ද තුන්කොන් තරගාවලියට එක්වීමට එකඟතාවය පළ කර තිබේ.

Latest News

More like this

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...

පකිස්තාන සංචාරය නවතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් කොටසක් ආපසු ඒමට තීරණය කරලා !

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සංචාරයක...