ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු පෙරිය නිලාවෙනි පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

ඉකුත් ඔක්තෝබර් මස 25 වෙනිදින මෙම සිදුවීම සිදුවූ තිබූ අතර විදේශීය ජාතික කාන්තාව එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සංචාරක කොට්ඨාසය තිරික්කොවිල් පොලිසිය ස්ථානය මගින් විමර්ශන ආරම්භ කළ අතර සැකකරු හඳුනාගැනීමට මහජන සහය ලබා ගැනීමට මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කෙරිණි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගෙ ස්වරූපය වෙනස් කරමින් පදිංචි ස්ථානද වෙනස් කරමින් අත්අඩංගුවට පත්වීම වැළක්වීම සඳහා කටයුතු කරමින් සිටි බව පොලිසියය කියයි.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...