රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා තුණ්ඩු නිකුත් කිරීම,

පිටතින් රසායනාගාර සේවා ලබා ගැනීමට නිර්දේශ කිරීම ඇතුළු වෛද්‍ය සේවා කිහිපයක් අද සිට සීමා කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ, සිය අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙවර අයවැයේදී රජය කිසිදු අවධානයක් යොමු කර නොමැති බව පවසමිනි.

කෙසේවෙතත් අද පෙරවරු 9.30ට මීට අදාළ සාකච්ඡාවක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වීමට ද නියමිතය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිවාස පහසුකම, වෛද්‍යවරුන්ගේ ආදායම මත පනවා ඇති සියයට 36ක බදු සහ වැටුප් සම්බන්ධ යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් මෙවර අයවැයට ඉදිරිපත් කර තිබිණ.

එමෙන්ම, සිය ඉල්ලීම්වලට විසදුම් නොමැති නම් විශේෂඥ වෛද්‍යවරුන් ද එළඹෙන 26 සහ 27 වන දින වෘත්තීය ක්‍රියාමාර්ගයක ආරම්භ කිරීමට සූදානම් බව කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිත විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසිංහ සදහන් කළේය.

වීඩියෝ
නිදහස් සෞඛ්‍ය, වෛද්‍යවරුන් සහ රෝගීන් රැකගන්න ඉල්ලා GMOA හෙට සිට අලුත් වාරණයක්…

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...