ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු පෙරිය නිලාවෙනි පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

ඉකුත් ඔක්තෝබර් මස 25 වෙනිදින මෙම සිදුවීම සිදුවූ තිබූ අතර විදේශීය ජාතික කාන්තාව එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සංචාරක කොට්ඨාසය තිරික්කොවිල් පොලිසිය ස්ථානය මගින් විමර්ශන ආරම්භ කළ අතර සැකකරු හඳුනාගැනීමට මහජන සහය ලබා ගැනීමට මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කෙරිණි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගෙ ස්වරූපය වෙනස් කරමින් පදිංචි ස්ථානද වෙනස් කරමින් අත්අඩංගුවට පත්වීම වැළක්වීම සඳහා කටයුතු කරමින් සිටි බව පොලිසියය කියයි.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...