රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා තුණ්ඩු නිකුත් කිරීම,

පිටතින් රසායනාගාර සේවා ලබා ගැනීමට නිර්දේශ කිරීම ඇතුළු වෛද්‍ය සේවා කිහිපයක් අද සිට සීමා කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ, සිය අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙවර අයවැයේදී රජය කිසිදු අවධානයක් යොමු කර නොමැති බව පවසමිනි.

කෙසේවෙතත් අද පෙරවරු 9.30ට මීට අදාළ සාකච්ඡාවක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වීමට ද නියමිතය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිවාස පහසුකම, වෛද්‍යවරුන්ගේ ආදායම මත පනවා ඇති සියයට 36ක බදු සහ වැටුප් සම්බන්ධ යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් මෙවර අයවැයට ඉදිරිපත් කර තිබිණ.

එමෙන්ම, සිය ඉල්ලීම්වලට විසදුම් නොමැති නම් විශේෂඥ වෛද්‍යවරුන් ද එළඹෙන 26 සහ 27 වන දින වෘත්තීය ක්‍රියාමාර්ගයක ආරම්භ කිරීමට සූදානම් බව කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිත විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසිංහ සදහන් කළේය.

වීඩියෝ
නිදහස් සෞඛ්‍ය, වෛද්‍යවරුන් සහ රෝගීන් රැකගන්න ඉල්ලා GMOA හෙට සිට අලුත් වාරණයක්…

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...