ලොව ප්‍රමුඛතම යූ ටියුබර්වරයා සෞදියේ Beast Land ඉදිකරයි

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය යූ ටියුබර්වරයා වන MrBeast, සෞදි අරාබියේ රියාද් නුවර ‘බීස්ට් ලෑන්ඩ්’ (Beast Land) නමින් නව තේමා උද්‍යානයක් ඉදිකර තිබෙනවා.

සෞදි අරාබිය ගෝලීය විනෝදාස්වාද ගමනාන්තයක් බවට පත්කිරීමේ වෑයමක නිරත වන මොහොතක, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, නයෝමි කැම්බල්, සෝෆියා වර්ගේරා වැනි ලොව ප්‍රමුඛ පෙළේ තරු ගෙන ඒමෙන් පසු, මේ වන විට MrBeast ද ඊට එක් වී සිටිනවා.

MrBeast, මෙම මාසයේදී බිලියන 100ක නැරඹුම් වාර සංඛ්‍යාවක් වාර්තා කර තිබෙනවා.

ඔහුගේ වීඩියෝ පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම තේමා උද්‍යානය, විශාල මුදල් ත්‍යාග දිනා ගැනීම සඳහා මිනිසුන් සංකීර්ණ විඳදරාගැනීමේ අභියෝගවලට ලක් කරන අයුරින් නිර්මාණය වී ඇත.

“මේක මගේ ජීවිතේ හොඳම දවස් වලින් එකක් වෙන්න ඇති. මට ලැබෙන ඉහළම ඉල්ලීම්වලින් එකක් තමයි: මට MrBeast වීඩියෝ එකක ඉන්න ඕන කියලා… ඒ නිසා දැන් ඒක සැබෑ ජීවිතයේ නිර්මාණය කරනවා, ඔබට ඇවිත් ඒක අත්විඳින්න පුළුවන්,” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

පසුගිය දශකය තුළ, වරක් අතිශය ගතානුගතික වූ සෞදි අරාබිය, තෙල් මත යැපීමෙන් මුදවා සමාජය පරිවර්තනය කිරීම සඳහා කිරුළ හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ “Vision 2030” වැඩපිළිවෙළේ කොටසක් ලෙස විනෝදාස්වාද විකල්ප වේගයෙන් සංවර්ධනය කර තිබුණා.

සිනමාහල් සහ ප්‍රසංග තහනම් කර තිබූ බැවින්, තරුණ සෞදි ජාතිකයින්ට විනෝද වීමට අවස්ථා ඉතා අල්ප වූ අතර, එය දැන් වෙනස් වී තිබෙනවා.

Latest News

More like this

BTS ඉන්දියාවට…

ලෝක ප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන 2026...

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...