පුටුවෙන් ඇද වැටුණු බැසිල් නොවැම්බර් 21 නාමල් නැගිට්ටවන්න එයි?

එළැඹෙන නොවැම්බර් 21 වැනිදා පොදු ජන පෙරමුණ සමඟ නාමල් රාජපක්ෂ බලැගැන්වීමේ ආණ්ඩු විරෝධී රැළියක් පැවැත්වීමට තීරණය කර ඇති අතර එයට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහභාගී වීමට ඉඩ ඇති බවට ද මත පළ වෙමින් පවතී.

එහෙත් නොවැම්බර් 21 වැනි සිකුරාදා දිනයේ දී නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 50ක අරමුදල් භාවිත කරමින් ඉඩම් නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීම සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේපෙනී සිටිය යුතුය.

බැසිල් රාජපක්ෂ එම දිනයට අධිකරණය ඉදිරියේ පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණේද යන්න පවා තවමත් අවිනිශ්චිතය.

පසුගිය මැයි මාසයේ නඩුව විභාග වන දිනයේ ඔහු අධිකරණයට නොපැමිණ මඟ හැරීය.

බැසිල් රාජපක්ෂගේ නීති කණ්ඩායම පසුගිය මැයි මාසයේදී අධිකරණයට දන්වා සිටි ආකාරයට ඒ පුටුවකින් වැටීමෙන් පසු කොඳු ඇට පෙළේ සහ ස්නායු සංකූලතා සඳහා එක්සත් ජනපදයේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින්ය.

ලබන සිකුරාදා නඩු කටයුතු සඳහා පැමිණීමට ඔහුට ඇති හැකියාව පිළිබඳව ප්‍රශ්න මතුකරමින් ඇමරිකානු වෛද්‍යවරයකු ඔහුට මාස හයක් ගුවන් ගමන්වලින් වැළකී සිටින ලෙස උපදෙස් දුන් බවත් ඔවුන් සඳහන් කර තිබුණා.

පෙර නඩු විභාගවලට ඔහු නොපැමිණීම මත ඔහුගේ ඇප අවලංගු කර වරෙන්තුවක් නිකුත් කරන ලෙස එහිදී පැමිණිලි පාර්ශ්වය ඉල්ලා සිටියත් පෙර තත්වයන් සැලකිල්ලට ගනිමින් අධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් ඊළඟ දිනයේ පෙනීසිටින ලෙසනියෝගයක් ලබා දී තිබුණා.

ඒ අනුව නොවැම්බර් 21 වැනිදා බැසිල් රාජපක්ෂ අනිවාර්යයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුය.

නොවැම්බර් 21 වැනි දින නුගේගොඩදී නාමල් නැගිටවීමට නම් බැසිල් ඊට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යා යුතුය.

එහෙත් බැසිල් රාජපක්ෂ මෙම කාරණා දෙකටම හෝ එක් කරුණක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන්නේද යන්න පිළිබඳව ඔහුගේ නියෝජිතයින්ගෙන් හෝ පවුලේ අයගෙන් නිල තහවුරු කිරීමක් සිදු කර නැහැ.

මේ සම්බන්ධයෙන් ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ පලකල සටහනක් නක මෙසේ සඳහන්ය.

”මේක හරිම අයිරනි එකක්. නොවැම්බර් විසි එක – 21! බ්‍රවුන්ස් හිල් ගෙදර නඩුවට බැසිල් ගියපාර ආවෙ නැහැනෙ. හේතුව කිව්වෙ පුටුවෙන් වැටිල කොන්දටයි, ස්නායුවලටයි ඩැමේජ් එකක් වෙලා කියල ඇමරිකාවෙ දොස්තර කෙනෙක් බැසිල්ට උපදෙස් දුන්න කියල මාස හයකට ගුවන් ගමන් යන්න එපා කියල. ඉතිං මාතර මහේස්ත්‍රාත් ඒ කතාව ඇත්තද බොරුද කියල බැලුවෙ නැහැ, ඉස්සර ඒ නඩුවට ආපු ඒවත් සලකල බලල වරෙන්තු නොකර නියෝගයක් දුන්න බැසිල්ට නොවැම්බර් 21 මාතර උසාවියේ පෙනී හිටින්න කියල. ඉතිං පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල්ටත් 21 උදේ මාතර උසාවියේ ඉඳල හවස නුගේගොඩ එන්න වෙනව. මනි ලොන්ඩරින් නොහොත් මුදල් විශුද්ධකරණය ගැන ඉඟෙන ගන්න ඕගොල්ලොත් මල්වාන 2 නොහොත් බ්‍රවුන්ස් හිල් නඩුව බලවන්න නුගේගොඩට එන්න!

Latest News

More like this

බුදු පිළිම නාට්‍යය මගේ නම්.. රඟපාන්නේ ආණ්ඩුව… නාමල්

ත්‍රිකුණාමලය සම්බුද්ධි ජයන්ති විහාරයේ සංඝයාවහන්සේලාට පහර දුන් දෙදෙනා අත්...

බංගලාදේශ හිටපු අගමැතිනිය එල්ලුම් ගහට

බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට...

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...