මක්කම වන්දනාවේ ගොස් සිදුවූ මාරක බස් අනතුරින් දිවි අහිමි වූ ඉන්දියානුවන් අතර එකම පවුලේ 18ක්…

මක්කම දේවස්ථානය වන්දනා කිරීමට ගොස් සිටියදී සෞදි අරාබියේ මෙදීනා අසල සිදු වූ බිහිසුණු බස් අනතුරකින් මිය ගිය ඉන්දියානුවන් අතර එකම පවුලේ 18 දෙනෙකු සිට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ඔවුන් ඉන්දියාවේ හයිද්‍රාබාද් පවුලක සාමාජිකයින් 18 දෙනෙකු වන අතර සෞදි අරාබියේ දකුණු දිග නගරයකදී උම්රා (කුඩා වන්දනා ගමනක්) වන්දනාවේ යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

මෙම බිහිසුණු අනතුරෙන් උම්රා වන්දනාකරුවන් වූ ඉන්දීය ජාතිකයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

සෞදි අරාබියේ මාධ්‍යවලට අනුව සඳුදා මෙදීනා අසලදී උම්රා වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඩීසල් ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

නොවැම්බවන්දනාකරුවන් මෙදීනා වෙත පැමිණෙමින් සිටියදී මෙම ඛේදවාචකය සිදුවී තිබුණේ නොවැම්බර් 16 වැනිදාය. ඛේදවාචකයෙන් විශ්‍රාමික දුම්රිය සේවකයෙකු වන ෂෙයික් නසිරුදීන්ගේ පවුලේ පරම්පරා තුනක ජීවිත අහිමි වුණා.

ඔවුන් ගමන් කළ බස් රථය ඩීසල් ට්‍රක් රථයේ ගැටුණේ මෙදීනාවේ සිට කිලෝමීටර් 25 ක් පමණ දුරිනි.

නොවැම්බර් 9 වන දින සෞදි අරාබිය බලා පිටත්ව ගොස් සති අන්තය වන විට ආපසු පැමිණීමට නියමිතව සිටි පවුලේ සාමාජිකයින් 18 දෙනා අතර දරුවන් නව දෙනෙකු වූ බව සඳහන්ය. නසිරුදීන්, ඔහුගේ බිරිඳ, පුතෙකු, ලේලියන් දෙදෙනෙකු, දියණියන් තිදෙනෙකු සහ මුණුබුරන් සියලු දෙනා හයිද්‍රාබාද් ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට පෙර ගන්නා ලද සමූහ ඡායාරූපයක් ද මාධ්‍ය වෙත වාර්තා වී තිබෙනවා. එහි ඔවුන් ඉතා සතුටින් සිටින ආකාරය දැකගත හැකියි.

නසීරුදීන් (70) සහ ඔහුගේ බිරිඳ අක්තර් බෙගම් (62), ඔවුන්ගේ පුත් සලාහුදීන් ෂෙයික් (42), ලේලියන් වන ෆරානා සුල්තානා (37), සානා සුල්තානා (35), දියණියන් තිදෙනා වන අමීනා බෙගම් (44), රිස්වානා බෙගම් (38) සහ ෂබානා බෙගම් (40) සහ ඔවුන් සමඟ ගමන් කළ සියලුම දරුවන් ද ජීවිතක්ෂයට පත් වූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා..

නසීරුදීන්ගේ මුණුබුරන් අතර බාලම දරුවාට වයස අවුරුදු දෙකක් වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. නසීරුදීන්ගේ එක් පුත්‍රයෙකු එක්සත් ජනපදයේ සිටින බව කියනු ලබන අතර මෙම අනතුරෙන් පවුලේ දිවි ගලවා ගත් එකම පුද්ගලයා ඔහු බවයි වාර්තා වන්නේ.

බස් අනතුරෙන් තවත් පවුලකට එහි සාමාජිකයින් පස් දෙනෙකු අහිමි වී ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...