පුරවැසියෙක් වීම පුරුෂ ලිංගය එළියට දානවට වඩා ලොකු වැඩක්… නවසීලන්ත ජාතික තරුණියට ආචාරය

නවසීලන්ත ජාතික තරුණියගේ මේ ලස්සන වචන ටිකට පින් දෙන්න ඕන.

මුළු රටටම වදින්න ගිය බ්ලැක් මාර්ක් එකකින් ඇය මුළු රටක්ම බේරගත්තා.

බංකොලොත් රාජ්‍යයක් කියලා රටේ නායකයෝ ලෝකයට ප්‍රකාශ කරපු රටක් යන්තම් ඔලුව උස්සගන්න අරගලයක් කරන වෙලාවක රටට එන විදේශිකයෙක් කියන්නෙ කොයි තරම් හයියක්ද?

විදෙස් ජාතිකයෙක් පිට දේශයකට යන්නෙ ඒ රට ගැන තියෙන විශේෂ හැඟීමක් නිසා. එහෙම සංචාරය කරන්න ආව, රටේ ලස්සන බලන්න ආව ගැහැණියකට හරි පිරිමියෙකුට හරි ඒ රටේදි හම්බවෙන්නෙ පහත් මානසිකත්වයක් තියෙන, ජඩ ගතිගුණ තියෙන මනුස්සයෙක් නම් ඒ කෙනාගේ හිතේ ඇති වෙන පිළිකුළ මොන තරම් විශාල එකක් වෙන්න ඕනද? ඒ පිළිකුළ එක්ක තව ඒ රටේ වගේම මුළු ලෝකෙම මිනිස්සු දස දහසකට මේ රට දිහා හැරිලවත් නොබලන තරම් හැඟීමක් ඇති වෙන්න පුළුවන්.

මේ විදෙස් තරුණියටත් පහුගිය දවසක මූණ දෙන්න් සිද්ධ වුණේ ඒ වගේ ජුගුප්සාජනක සිද්ධියකට.

හැබැයි ඇය කොයි තරම් බුද්ධිමත්, කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්ද කියනවා ඒ තනි සිදුවීම මුලු ජාතියටම ඇප්ලයි කරන්න ගියේ නැහැ. ඒකෙන් රටේ නමට ගෑවෙන්න ගිය තද කලු පැල්ලම ලා කහට පැල්ලමක් දක්වා හරි අඩු වුණා.

ඇගේ ඒ ලස්සන වචන ටික තමයි මේ.

මේ වීඩියෝ එක ටික දවසකට කලින් අප්ලෝඩ් කළා. මම හිතුවෙ නෑ වීඩියෝ එක මේ තරම් පැතිරෙයි කියලා. ගැහැණු ළමයින්ට තනියෙන් ට්‍රැවල් කරන්න පුළුවන් වෙන්න ඕන. මේ වගේ අය ලෝකේ හැම තැනකම ඉන්නවා. අපේ රටෙත් ඉන්නවා. හැබැයි මම ඇත්තම දෙයක් කියන්නම් ලංකාව ගැන. තනියම සංචාරය කරන්න හොඳම රටක් තමයි ලංකාව කියන්නේ. මේ එක මනුස්සයා ලංකාවේ ඉන්න සියලුම පිරිමි නියෝජනය කරන්නෙ නැහැ. මට හම්බවුණ පරිත්‍යාගශීලී සහ හොඳම ජනතාව ඉන්න් රටක් තමයි ලංකාව.මට ප්‍රශ්නයක් වුණු හැම වෙලාවෙම ලංකාවේ මිනිස්සු මට උදව් කළා. මම වීඩියෝ එක දාලා දවස් හතරක් ඇතුළත පොලිසියෙන් ඔහුව අත් අඩංගුවට අරන් තිබුනා. ශ්‍රී ලංකා පොලිසියට ස්තූති කරන්න මට වචන නැහැ.

පුරවැසියෙක් විදියට රටක මනුස්සයෙක්ට තියෙන වගකීම තේරුම් ගන්න මේ වචන ටික හොඳටම ඇති. තමන්ගේ පුරුෂ ලිංගය ක්ෂණයෙන් එළියට දාන්න එන සිතුවිල්ලට වඩා ලොකු හැඟීමක් ඒක.

Latest News

More like this

ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී ඉල්ලා අස්වීම ප්‍රමාණවත්ද?? අමාත්‍යවරිය හා ලේකම් කුමක් කළ යුතුද?

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට දරුවන්ට නුසුදුසු සමලිංගික ප්‍රජාව...

කෝටි 6ක් වියදම් කර මුද්‍රණය කළ ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික පිටු ගලවා බෙදන්න නියෝගයක්

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස්කර මුද්‍රණය කෙරුණු හයවැනි ශ්‍රේණියේ...

සමලිංගික මොඩියුලයට ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී බෙල්ල තියයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ...

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...