කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට සමීප සහකරුගෙන් ලිංගික හිරිහැර

ගෝලීයව කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආසන්න වශයෙන් සිය සමීප සහකරුගෙන් හෝ ලිංගික හිංසනය අත්විඳ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා ප්‍රකාශ කරනු ලැබුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනාවරණය කරනු ලැබුවේ කිසිදු සමාජයකට “ජනගහනයෙන් අඩක් බියෙන් ජීවත් වන අතරතුර තමන් සාධාරණ, ආරක්ෂිත හෝ සෞඛ්‍ය සම්පන්න යැයි කියා ගත නොහැකි” බවට අනතුරු අඟවමිනි.

“කාන්තාවන්ට එරෙහි හිංසනය මානව වර්ගයාගේ පැරණිතම සහ වඩාත්ම පැතිරුණු අසාධාරණයන්ගෙන් එකකි. නමුත් තවමත් අවම වශයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇති එකකි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් නිවේදනය නිකුත් කරමින් පවසා තිබෙනවා.

ගෝලීය වශයෙන් කාන්තාවන් තුනෙන් එකක් ඔවුන්ගේ ජීවිත කාලය තුළ එනම් මිලියන 840 ක් සමීප සහකරුවෙකුගෙන් නැතහොත් ඔවුන් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක සිටින කෙනෙකුගෙන් ලිංගික හිංසනයට මුහුණ දී ඇති බව ඇස්තමේන්තු කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකිනි.

පසුගිය වසරේ පමණක් වයස අවුරුදු 15 ට වැඩි කාන්තාවන්ගෙන් සියයට 11 ක් සිය සමීප සහකරුවෙකුගෙන් ශාරීරික හෝ ලිංගික හිංසනයට මුහුණ දී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා.

මෙම විශ්ලේෂණය රටවල් 168 ක් පුරා 2000 සහ 2023 අතර එකතු කරන ලද දත්ත ආවරණය කරනු ලබන අතර “ගැඹුරින් නොසලකා හරින ලද අර්බුදයක තියුණු චිත්‍රයක්” හෙළි කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.කෙසේ වෙතත් පසුගිය දශක දෙක තුළ සමීප සහකරුගෙන් වන ලිංගික හිංසන වාර්ෂිකව සියයට 0.2 කින් පමණක් අඩු වී ඇති බවද වාර්තාව පෙන්වා දෙනවා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...