ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සහ බැල්මෙන් ලබා දෙන ඉඟි බිඟි බවට පසුගිය දිනක සිය බිරිඳ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ඇය කියන ලද කාරණය වැරැදි ආකාරයට අර්ථකථනය වීමක් යැයි සජීව් රාජපුත්‍ර පවසා තිබෙනවා.

අදාළ වීඩියෝවේ ඇය පළකරන ලද අදහස්වල කොටසක් ඉවත්වීම නිසා එම අදහස වැරදි ඇඟවුමක් ඇති කරන බවයි ඔහු කියන්නේ. හොඳින් විශ්ලේෂණය කළ විට අදාළ වීඩියෝවේ එම කොටස ඉවත් වීම නිසා ඇය කියන්නට යන සහ ප්‍රකාශවන අර්ථයේ යම් වරදක් තමන්ටද නිරීක්ෂණය වන බවද ඔහු පවසනවා.

තමා හෝ බිරිඳ කිසිවිටකත් කාන්තාවන්ට හෝ දැරියන්ට සිදුවන අපචාර සාධරණීකරණය නොකරන බවත් එම ප්‍රකාශය හේතුවෙන් කිසියම් පාර්ශවයකගේ හිත් රිදවීමක් අපහසුතාවක් සිදු වුණි නම් සමාව අයදින බවත් ඔහු කියා සිටියා.

සිය බිරිඳ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා පෝස්ට් එකක් පළ කර තිබෙන අතරම එය ප්‍රමාණවත් නොවන බව ඇතැම් අය පවසන බව ද ඔහු පවසනවා.

කෙසේවෙතත් එම අර්ථයෙන් සිදු නොකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සිය බිරිඳ ඉන් එහාට සමාව ගත යුතුයැයි තමා විශ්වාස නොකරන බවත් ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම තමා භාරගන්න බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත...

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...