අපි නැවක් හැදුවා.. ලැබෙන මුල්ම අවස්ථාවේ හැප්පිලා ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා… නාමල්

විපක්ෂයේ පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ කරමින් තමන් නැවක් නිර්මාණය කර ඇති අතර එය නිර්මාණය කළේ නැංගුරම් ලා තබා ගැනීමට නොවන බවත් ඉදිරියටම යමින් ආණ්ඩුව කුඩුපට්ටම් කිරීම සඳහා ඒ නැව යොදා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබෙනවා.

එබැවින් බොරුව නවත්වා වැඩ කරන එක පටන් ගන්නා ලෙස ඔහු ආණ්ඩුවට අභියෝග කරනු ලැබුවේ ඊයේ (21) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වූ ආණ්ඩුවට එරෙහිව පැවති ‘මහා ජනහඬ’ ජන රැලිය අමතමින්ය.

එසේ නොවුණොත් ලැබුණු පළමු අවස්ථාවේම ආණ්ඩුව පලවාහැරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්‍ෂ….,

“අද මේ රටේ ජනතාවට ප්‍රශ්න කප්පරක් තියෙද්දී ආණ්ඩුව ජනතාවගෙන් බදු ගහලා හූරගෙන කාපු සල්ලිවලින් කැබ්රථ 1700ක් ගෙන්වනවා. මේ අය පොරොන්දු වුණේ මේවාද? එදා ආණ්ඩුවේ නායකයෝ අමුඩෙ ගහගෙන කුඹුරට බැස්සේ. ඒ නායකයෝ අද ටයි කෝට් දාගෙන කොළඹට වෙලා ඉන්නවා.

අපි මේ රටේ රාජ්‍ය සේවකයාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබලා කොන්ද කෙලින් තියාගෙන හරි දේ කරන්න. ආණ්ඩුවත් එක්ක තියන දේශපාලන ප්‍රශ්න අපි විසඳා ගන්නම් කියලා. ඒ වගේම අපි ජනාධිපතිවරයාටත් කියනවා අපි හැමෝම එකතුවෙලා අද නැවක් හදලා තියෙනවා. නැව හැදුවේ මුහුදේ නැංගුරම් දාලා තියාගන්න නෙමෙයි. මොන බාධක ආවත් අපි මේ නැව ඉදිරියටම ගෙනහිල්ලා ඔබතුමාගේ ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා කියලා. ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ සංස්කෘතිය රාජ්‍ය අනුග්‍රහය ඇතිව විනාශ කරන ආණ්ඩුවක් අද බිහිවී තිබෙනවා. මේවා පෙන්වා දෙනකොට අපි ජාතිවාදීන් කියලා හංවඩු ගහනවා. අපි ආණ්ඩුවට කියනවා ජාතිවාදය නෙමෙයි මහත්තයෝ ඇත්ත ඇති සැටියෙන් දකින්න අපිට කොන්දක් තියෙනවා.”

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...