මහීමා චෞද්‍රි පියයුරු පිළිකාව සමඟ කළ සටන

90 දශකයේ අගභාගයේ සුභාෂ් ගයි අධ්‍යක්ෂණය කළ පර්දේස් කියන්නේ මහීමා චෞද්‍රි කළ එළි බැස්ස චිත්‍රපටය. ඇය සහ ෂාරුක් ඛාන් එහි අමතක නොවන භූමිකාවක් සිදු කළා.

මහීමා චෞද්‍රි කිව්වම අපට අමතකම නොවන රංගනය ඇය සිදු කළේ ‘දිල් ක්‍යා කරේ’ චිත්‍රපටයේ. විශේෂයෙන් කාජල්ගෙයි අජේ දෙව්ගන්ගෙයි අප්‍රකාශිත ඒත් නොහිතුව විදියට දුර ගිය ආදරය ඉදිරියේ අසරණ වන බිරිඳ වුණේ ඇයයි. එහි ඇය අජේගේ බිරිඳ විදියටත් අජේ සහ කාජල්ගේ අහඹු සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස බිහිවන දරුවාගේ අම්මා වෙමින් අපුරු රංගනයක් සිදුකළා.

පස්සේ කාලෙක ඇය සිනමාවෙන් තාවකාලිකව ඈත් වෙලා හිටියා වගේම නැවත කරළියට ආවේ මෑතකදී තිරගත වුණේ නාඩානියන් චිත්‍රපටයත් එක්ක. මේ කාල සීමාව අතර තුර මහීමා ජීවිතේ දරුණුම කඩ ඉමක් පහු කරලා තිබුණා. ඒ 2022 අවුරුද්දේ ඇය පිළිකා රෝගයට ගොදුරු වීම නිසා. මාරාන්තික රෝගයත් එක්ක ඇගේ දරුණු සටන අතරේ ඇය ඒ පිළිබඳ මාධ්‍යට වැඩිපුර විවෘත වුණේ නැහැ.

පළමුවරට ඇය 2025 තරුණ කාන්තා පියයුරු පිළිකා සමුළුවේදී ඒ පිළිබඳ විවෘත වෙමින් පියයුරු පිළිකාවට එරෙහිව සටන් කිරීමේ කම්පන සහගත ගමන් මඟ ගැන අනාවරණයක් කළා. ඇගේ රෝග විනිශ්චයන් කිසිදු පූර්ව රෝග ලක්ෂණයක් හෝ අනතුරු ඇඟවීම් කිසිවක් නොමැතිව සාමාන්‍ය වාර්ෂික පරීක්ෂාවකදී අනාවරණය වූවක් බවයි ඇය පවසන්නේ.

“රෝග ලක්ෂණ කිසිවක් තිබුණේ නෑ. මම පියයුරු පිළිකා පරීක්ෂාවකට ගියේ නැහැ. රෝගය හඳුනාගත්තේ සාමාන්‍ය වාර්ෂික පියයුරු පරීක්ෂාවකදී. රෝගය මා තුළ හඳුනාගත් කාලයට වඩා දැන් සේරම වෙනස් වෙලා තියෙනවා. ඖෂධ ලාභදායි වෙලා තියෙනවා. ඒ නිසා රෝගය කලින් හඳුනා ගැනීමට කල්පනා කාරී වෙන්න” යැ‍යි ඇය එහිදී පවසා තිබෙනවා.

රෝගය හඳුනා ගැනීම සිදුවූයේ පුදුම සහගත ආකාරයට බව ඇය සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක...

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...