විශ්ව රූ රැජින ෆාතිමා බෝෂ් ව්‍යාජ ජයාග්‍රාහිකාවක්…

2025 විශ්ව රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ මෙක්සිකානුරූ රැජින ෆාතිමා බෝෂ් ව්‍යාජ ජයග්‍රාහිකාවක් බව තරගයේ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා අස් වූ ලෙබනන් ප්‍රංශ නිර්මාපකයෙකු වන ඕමාර් හාර්ෆූෂ් චෝදනා කර තිබෙනවා.

ෆාතිමා විශ්ව රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීමට හේතු වුණේ විශ්ව රූ රැජින හිමිකරු රාවුල් රෝචා ඇගේ පියා සමඟ ඇති ව්‍යාපාරික ගනුදෙනු බවයි ඔහු කියා සිටින්නේ.

” මිස් මෙක්සිකෝ ව්‍යාජ ජයාග්‍රහිකාවකි. ඇය ජයග්‍රහණය කරන බව මා පැවසුවේ ඇයගේ ජයග්‍රගහණයට පැය 24කට කලින්. ඒ විශ්ව රූ රැජින හිමිකරු රාවුල් රෝචා ඇගේ පියා සමඟ පවතින ව්‍යාපාරික සබඳතාව නිසා” යැයි හාර්ෆූෂ් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ බෙදාගත් සටහනක සඳහන්ය.

සතියකට පෙර ඩුබායිහිදී රාවුල් රෝචා සහ ඔහුගේ පුතා තමාගෙන් ෆාතිමා බෝෂ් ජයග්‍රහණය කිරීම ඔවුන්ට අවශ්‍ය නිසා ඇයට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටි බව ද එම සටහනෙහි වැඩි දුරටත් සඳහන් වෙනවා. “එය අපේ ව්‍යාවපාරවලට ගොඩක් හොඳයි” ඔවුන් තමා වෙත සඳහන් කළ බවයි එහි දැක්වෙන්නේ.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...