විශ්‍රාම වැටුප අහිමි අසරණ පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කරුණා සහගත දීමනාවක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පසු කරුණා සහගත දීමනාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

එම දීමනාව අඟ හිඟ දන්වමින් ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ට පමණක් ගෙවීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පසුගිය දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතය.

අදාළ පනත සම්මත වීමෙන් අනතුරුව දැනට එම ප්‍රතිලාභයට හිමිකම්කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ඔවුන්ගේ කලත්‍රයන් 512 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමිවෙනවා.

මේ අතර විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත විදේශයන්හි ලබාදෙන පහසුකම් සහ වරප්‍රසාද ආදිය තීරණය කිරීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...