සංහිඳියාවෙන් යුත් රටක් සඳහා ජනපති විපක්ෂය ඒකාබද්ධ කිරීමේ මෙහෙයුමක

මෙරට සෑම පුරවැසියෙකුටම සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

අපේ රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවත් ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, මෙම දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ දැනට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව විපක්ෂය නියෝජන කරන දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින් සහ නියෝජිතයන් දැනුවත් කිරීම සහ අදහස්, යෝජනා ලබා ගැනීම වෙනුවෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමිනි.

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක් කර ගනිමින් ‘ශ්‍රී ලාංකික දිනය’ පැවැත්වීමට රජයේ සැලසුම වී තිබෙනවා.

සියලු ජාතීන් එක් කර ගනිමින් ශ්‍රී ලංකා දින සැමරුම සංවිධානය කිරීම, මීට සහභාගී වූ සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර ඒ හා සම්බන්ධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම අනුව, රජය ක්‍රියාත්මක කර ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සහ රට තුළ ජාතික සහ ආගමික සමගිය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට කොන්දේසි විරහිතව තම සහාය ලබා දෙන බවද මෙහිදී එම නියෝජිතයෝ අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකා දින ජාතික වැඩසටහනේ සංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, දේශපාලනික, ආගමික සහ සංස්කෘතික විවිධත්වයෙන් ඔබ්බට, පොදු වේදිකාවක සියලුදෙනාට එක්ව කටයුතු කළ හැකි පරිදි මෙම වැඩසටහන් සහ සැලසුම් නිර්මාණය කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සංවිධායක මණ්ඩලයට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...