විශ්ව රූ රැජින ෆාතිමා බෝෂ් ව්‍යාජ ජයාග්‍රාහිකාවක්…

2025 විශ්ව රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ මෙක්සිකානුරූ රැජින ෆාතිමා බෝෂ් ව්‍යාජ ජයග්‍රාහිකාවක් බව තරගයේ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා අස් වූ ලෙබනන් ප්‍රංශ නිර්මාපකයෙකු වන ඕමාර් හාර්ෆූෂ් චෝදනා කර තිබෙනවා.

ෆාතිමා විශ්ව රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීමට හේතු වුණේ විශ්ව රූ රැජින හිමිකරු රාවුල් රෝචා ඇගේ පියා සමඟ ඇති ව්‍යාපාරික ගනුදෙනු බවයි ඔහු කියා සිටින්නේ.

” මිස් මෙක්සිකෝ ව්‍යාජ ජයාග්‍රහිකාවකි. ඇය ජයග්‍රහණය කරන බව මා පැවසුවේ ඇයගේ ජයග්‍රගහණයට පැය 24කට කලින්. ඒ විශ්ව රූ රැජින හිමිකරු රාවුල් රෝචා ඇගේ පියා සමඟ පවතින ව්‍යාපාරික සබඳතාව නිසා” යැයි හාර්ෆූෂ් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ බෙදාගත් සටහනක සඳහන්ය.

සතියකට පෙර ඩුබායිහිදී රාවුල් රෝචා සහ ඔහුගේ පුතා තමාගෙන් ෆාතිමා බෝෂ් ජයග්‍රහණය කිරීම ඔවුන්ට අවශ්‍ය නිසා ඇයට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටි බව ද එම සටහනෙහි වැඩි දුරටත් සඳහන් වෙනවා. “එය අපේ ව්‍යාවපාරවලට ගොඩක් හොඳයි” ඔවුන් තමා වෙත සඳහන් කළ බවයි එහි දැක්වෙන්නේ.

Latest News

More like this

බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල්...

අරගලයට පින් දිදී.. රාජපක්ෂ පවුල රට බංකොලොත් කළ ආකාරය හෙළි කරන චන්ද්‍රිකා

වසර 2009-2014 කාලය තුළ රාජපක්ෂ පවුල ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලින්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...