ජන මාධ්‍ය ස්වයං නියාමනය කිරීමට සොයා බැලිය යුතුයි.. නිලන්ති කොට්ටහච්චි

ජන මාධ්‍ය ස්වයං නියාමනය සිදු විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහචිචි පවසනවා.

රට තුළ මහජන අවශ්‍යතා තෘප්ත කිරීමට ගුණාත්මක මාධ්‍ය භාවිතාවක් අවශ්‍ය බවයි ඇය පෙන්වා දෙන්නේ.

“දුප්පත්කම පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් ලෙස රජය හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ පස්අවුරුදු වැඩපිළිවෙළ යටතේ අපි දෙවැනි අයවැයත් ඉදිරිපත් කළා.

යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රට තුළ ඇති කරගෙන යන්නට නම් යහපත් අපක්ෂපාතී සමබර මාධ්‍ය භාවිතාවක් තිබිය යුතුයි.

ගුණාත්මක බවින් අනූන මහජන අවශ්‍යතා තෘප්තිමත් කරන මහජන සේවා මාධ්‍ය භාවිතාවක් රට තුල නිර්මාණය කිරීම අප ආණ්ඩුවක් ලෙස බලාපොරොත්තු වෙනවා.” යැයි ඇය පවසා තිබෙනවා.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...