ජීවන් තොණ්ඩමන් ඉන්දීය සුරූපිනියක් සමඟ යුග දිවියට

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ (23) දා ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වුණා.

ඔහුගේ අත ගත් මනාළිය ඉන්දියාවේ දේශපාලන පසුබිමක් සහිත පවුලකින් පැවත එන්නියක වන සීතායි ශ්‍රී නාච්චියාර් නමැති යුවතියකි. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියකි.

ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ උත්සවයට ලංකාවෙන්ද ප්‍රබල දේශපාලනඥයින් රැසක් සහභාගී වූ බව වාර්තා වෙනවා.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ එම ආර්යාව, හිටපු මැති ඇමැතිවරුන් රැසක් සහ ඉන්දියාවේ මැති ඇමැතිවරුන් රැසක් මෙන්ම ජීවන් තොණ්ඩමන් මහතාගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් රැසක් ද උගන්ඩාවේ හිටපු තානාපති කනනාදන් මහතා ද මෙරට ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් ද සහභාගි වී සිටි බව ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය ඒකකය පවසනවා.

ඉන්දියාවේ විවාහ මංගල උත්සවයෙන් අනතුරුව ජීවන් තොණ්ඩමන් මහතා මෙරටට පැමිණීමෙන් පසුව කොළඹදී සහ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී සිය හිතවතුන් සහ පාක්ෂිකයන් වෙනුවෙන් විවාහ ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීමට ද කටයුතු කර තිබෙනවා.

ජීවන් තොණ්ඩමන් මෙරට ප්‍රකට දේශපාලනඥයකු වන හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ එකම පුත්‍රයාය.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...