ඉන්දීය ක්‍රිකට් තරුව ස්ම්‍රිති මන්දානාගේ විවාහය පැය කිහිපයක් ඉතිරිව තිබියදී හදිසියේ නවතී….

ඉන්දීය ක්‍රිකට් තරුවක් හා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව වන ස්ම්‍රිති මන්දානාගේ ඊයේ (23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විවාහ උත්සවය අනපේක්ෂිත ලෙස නතර කරනු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ ඇගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් සූදානම් වෙමින් සිටින අතරතුර ඇගේ පියා වන ශ්‍රී නිවාස් මන්දානාට හදිසි හෘද්‍යාබාධයක් වැළඳීමෙන් පසු රෝහල්ගත කිරීමට සිදුවීම නිසාය.

සංග්ලි ප්‍රදේශයේ ඇගේ නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ මංගල්‍යය උත්සවය මේ නිසා කල් දැමීමට සිදුවූ බවයි ඇගේ කළමනාකරුවන් විසින් තහවුරු කරනු ලැබුවේ.

ඇයගේ නිවස විවාහ උත්සවය වෙනුවෙන් අලංකාර කර තිබියදී විවාහයට ඉතිරිව තිබුණේ පැය කිහිපයක් පමණි.

ඔවුන් උත්සවය සඳහා අවශ්‍ය සියලු කටයුතු අවසන් කරමින් සිටියදී පියා රෝගාතුර වී තිබෙනවා. මන්දානා මහතා වහාම හදිසි ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කරනු ලැබූ බවයි වාර්තා වුණේ. ස්ම්‍රිති සහ ඇගේ පවුලේ උදවිය සිදුවීම දැනගත් විගස රෝහලට පැමිණි බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

පියාගේ තත්ත්වය දැනට ස්ථාවර බව වෛද්‍යවරුන් දන්වනු ලැබුවද ස්ම්‍රිතිගේ විවාහ උත්සවය දින නියමයක් නොමැතිව කල් තැබුණු බව සඳහන් වෙනවා.

ස්ම්‍රිති මන්දනා විවාහ වීමට නියමිතව සිටියේ සංගීතඥයකු වන පලාෂ් මුචාල් සමඟයි. මෙම අවිනිශ්චිත සිදුවීමත් සමඟ ඇගේ නිවසේ අලංකාර සැරසිලි ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...