බොලිවුඩයේ විශිෂ්ට රංගධරයකු වන ධර්මේන්ද්‍ර සමු ගනී

දශක හයක් පුරා විහිදී ගිය විශිෂ්ට වෘත්තීය ජීවිතයක් ගත කළ බොලිවුඩයේ විශිෂ්ට නළුවෙක් වන ධර්මේන්ද්‍ර ඩියෝල් ඔහුගේ දිවි සැරිය නිමා කර තිබෙනවා.

දිවිගමන නිමා කරන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවුණා.

මේ මස මුලදී ඔහු අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගත කර සිට සුවය ලැබීමෙන් පසු නිවසේ පැමිණ සිටියදී මිය ගිය බවයි වාර්තා වන්නේ.

ක්‍රියාදාම වීරයන්ගේ සිට පෙම්වතා දක්වා සහ ප්‍රවීණ රාජ්‍ය නායකයින්ගේ චරිත පවා නිරූපනය කළ ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ, ධර්මේන්ද්‍ර කිසිදු බොලිවුඩ් වීරයෙකුට නොදෙවැනි වන සාර්ථකත්වයක් ලබා ගත්තකි.

දෙසැම්බර් 8 වන දින ඔහුට වයස අවුරුදු 90 ක් සම්පූර්ණ වීමට නියමිතව තිබුණා.

1960 දී Dil Bhi Tera Hum Bhi චිත්‍රපටයෙන් රංගනය ආරම්භ කළ ධර්මේන්ද්‍ර, 1960 දශකයේ Bandini, Ayee Milan Ki Bela, Kaajak වැනි චිත්‍රපටවල පොදු මිනිසුන්ගේ චරිත නිරූපණය කරමින් සිය වෘත්තීය ජීවිතයේ අඩිතාලම ගොඩ නඟා ගත්තා.

පසුව ඔහු Sholay, Dharam Veer, Chupke Chupke, Mera Gaon Mera Desh සහ Dream Girl හි ප්‍රධාන චරිත නිරූපණය කරමින් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළා.

ධර්මේන්ද්‍ර අවසන් වරට පෙනී සිටියේ ෂාහිඩ් කපූර් සහ ක්‍රිති ෂැනෝන් රඟපෑ Teri Baaton Mein Aisa Uljha Jiya චිත්‍රපටයේය.

ඔහුගේ මීළඟ සිනමා නිර්මාණය වන්නේ ඔහුගේ සමකාලීන අමිතාබ් බච්චන්ගේ මුණුපුරා වන අගස්ත්‍යා නන්දා ප්‍රධාන චරිතය නිරූපනය කරන Ikkis චිත්‍රපටයයි. චිත්‍රපටිය දෙසැම්බර් 25 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

Latest News

More like this

ග්‍රීන්ලන්තයේ සෑම පුරවැසියෙකුටම ට්‍රම්ප්ගෙන් ඇ ඩොලර් 100,000ක ඔෆර් එකක්

ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකාවට එක්වීම සඳහා සෑම ග්‍රීන්ලන්ත පුරවැසියෙකුටම...

සිංහයා යළි කකුල් සතරෙන් සිටගනී. ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි..

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය...

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...