පාසල් බස් රථවලට හා කාර්යාල බස්වලට CCTV අනිවාර්ය කෙරේ

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පාසල් වෑන් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල CCTV කැමරා සවි කරන බව සභා­නා­යක, ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (24) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

පාසල් වෑන් රථ­ව­ලට සී.සී.ටී.වී. සවි කිරීම ලබන ජන­වාරි මාසයේ සිට අනි­වාර්ය වෙනවා.

ඒ අනුව පාසල් වෑන් රථ සහ කාර්යාල වෑන් රථ සඳහා උප­දෙස් මාලා­වක් ජන­වාරි මාසයේ නිකුත් කරන බව ද ඇමැ­ති­ව­රයා පාර්ලිමේන්තව හමුවේ කියා සිටියා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විස­ර්ජන පනත් කෙටු­ම්පත් කාරක සභා විවා­ද­යට එක්වෙ­මිනි.

සී.සී.ටී.වී. සවි කිරීම මඟින් මවු­පි­යන්ට තම දරුවා සම්බ­න්ධ­යෙන් නිවසේ සිටම දැන ගත හැකි බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කරනු ලැබුවා. බස් සහ ත්‍රිරෝද කර්මාන්ත වෘත්තීය මට්ට­මට ගෙන යා යුතු යැයිද හෙතෙම මෙහිදී පැව­සු­වේය.

Latest News

More like this

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...