ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක් වෙමින් මැලේසියාව ලබන වසරේ සිට වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සහ අනෙකුත් රටවල සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් පැනවීමට භාවිතා කරන යාන්ත්‍රණයන් සමාලෝචනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

සයිබර් හිරිහැර කිරීම, මූල්‍ය වංචා සහ ළමා ලිංගික අපයෝජන වැනි මාර්ගගත හානිවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ වෙනවා.

ලිංගික අපයෝජකයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම ඇතුළුව සයිබර් අපරාධ මැඩපැවැත්වීම සඳහා ගනු ලැබූ කැබිනට් තීරණයක් මත මෙම තහනම පදනම් වී ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් දරුවන් අතර සයිබර් හිරිහැර කිරීම්, ලිංගික හිරිහැර සහ විනය ගැටලු ඉහළ යාම පිළිබඳ කණස්සල්ල ද මෙම තහනමට හේතු වෙන බව එරට බලධාරින් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් විවෘත කිරීමට නොහැකි වන ලෙස ලියාපදිංචි කිරීම් විධිමත් කිරීමට ද මැලේසියානු රජය පියවර ගනිමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...