ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි කාන්තාවක් තායිලන්තයෙන් වර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වුණේ බැංකොක් නගරයට ආසන්නයේ පිහිටි නොන්තබුරි පළාතේ බෞද්ධ විහාරස්ථානයක් වන ‘වොට් රැට් ප්‍රකොං තම්’ විහාරස්ථානයෙනි. විහාරස්ථානය සිය ෆේස්බුක් පිටුවේ පළ කළ වීඩියෝවක අදාළ කාන්තාව චලනය වන ආකාරය සටහන් වී තිබෙනවා. එම සිදුවීමෙන් විහාරස්ථානයේ කාර්ය මණ්ඩලය නොසන්සුන්තාවයට පත් වී තිබෙනවා.

විහාරස්ථානයේ කාර්ය මණ්ඩල ප්‍රධානියකු විදෙස් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකට අනුව මිනී පෙට්ටිය තුළ සිටි 65 හැවිරිදි කාන්තාවගේ සහෝදරයා ඇයව ෆිට්සානුලොක් පළාතේ සිට ආදාහනය සඳහා රැගෙනවිත් තිබෙනවා.

ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ මිනී පෙට්ටියෙන් තට්ටු කිරීමේ හඬක් ඇසුණු බවයි.

පසුව පෙට්ටිය විවෘත කරන විටත් ඇය එයට තට්ටු කරමින් සිටි බවත් ඇය බොහෝ වේලාවක් එසේ කරන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. ඇගේ සහෝදරයා පවසා ඇත්තේ ඇය වසර දෙකක් තිස්සේ රෝගාතුර වී ඇඳක සිටි බවත් දින දෙකකට ඉහත දී ඇය ප්‍රතිචාර දැක්වීම නැවැත්වූ බවයි.

පසුව ඇය ඇගේ අවයව ලබා දීමට කැමැත්ත පළ කර තිබූ නිසා ඔහු ඇයව මිනී පෙට්ටියක බහාගෙන කිලෝමීටර් 500 ක ගමනක් බැංකොක් හි රෝහලක් වෙත රැගෙන ගිය බව ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් නිල මරණ සහතිකයක් නොමැති නිසා රෝහල සහෝදරයාගේ යෝජනාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ නිසා නොමිලේ ආදාහන සේවා සපයන විහාරස්ථානය වෙත පැමිණ තිබෙනවා. අතුරුදන් වූ මරණ සහතිකය පිළිබඳ පන්සල් කාර්යමණ්ඩලය විමසමින් සිටියදී තට්ටු කිරීමේ හඬ ඇසී ඔවුන් පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...