මාධ්‍යවේදීන් CID ගෙන්වීම නින්දිත ක්‍රියාවක් – විපක්ෂ නායක සජිත්

තමන් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළ සත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගෙන්වීම නින්දිත ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව පොලිස් වාර්තා ලබා ගැනීමේ දී සිවිල් ආරක්ෂක කමිටුවේ ලිපියක් ලබා දීමට සිදුව තිබූ බව උදාහරණ කිහිපයක් පෙන්වමින් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රකාශය සිදු කළේ ස්ථාවර නියෝග යටතේ තමන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රකාශ කිරීම නිසා සිය වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව පවසමිනි.

ඒ අනුව විපක්ෂ නායකවරයා මාතර පොලිසියේ පොලිස් සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි ලැයිස්තුවේ සිවිල් ආරක්ෂක කමිටුවේ ලිපිය ද ඇතුළත් බවට ප්‍රදර්ශනය කරනු ලැබූ දැන්වීමක් සහ ඔහු පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයෙන් පසු එම ලිපිය ඉවත් කර අදාළ ලැයිස්තුව ප්‍රදර්ශනය කර තිබූ දැන්වීමක්ද පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිස් සහතික ලබා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටුවලින් ලබාගත් ලිපි කිහිපයක් ද පාර්ලිමේන්තු සභාගත කිරීමට කටයුතු කළා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...