ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි කාන්තාවක් තායිලන්තයෙන් වර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වුණේ බැංකොක් නගරයට ආසන්නයේ පිහිටි නොන්තබුරි පළාතේ බෞද්ධ විහාරස්ථානයක් වන ‘වොට් රැට් ප්‍රකොං තම්’ විහාරස්ථානයෙනි. විහාරස්ථානය සිය ෆේස්බුක් පිටුවේ පළ කළ වීඩියෝවක අදාළ කාන්තාව චලනය වන ආකාරය සටහන් වී තිබෙනවා. එම සිදුවීමෙන් විහාරස්ථානයේ කාර්ය මණ්ඩලය නොසන්සුන්තාවයට පත් වී තිබෙනවා.

විහාරස්ථානයේ කාර්ය මණ්ඩල ප්‍රධානියකු විදෙස් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකට අනුව මිනී පෙට්ටිය තුළ සිටි 65 හැවිරිදි කාන්තාවගේ සහෝදරයා ඇයව ෆිට්සානුලොක් පළාතේ සිට ආදාහනය සඳහා රැගෙනවිත් තිබෙනවා.

ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ මිනී පෙට්ටියෙන් තට්ටු කිරීමේ හඬක් ඇසුණු බවයි.

පසුව පෙට්ටිය විවෘත කරන විටත් ඇය එයට තට්ටු කරමින් සිටි බවත් ඇය බොහෝ වේලාවක් එසේ කරන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. ඇගේ සහෝදරයා පවසා ඇත්තේ ඇය වසර දෙකක් තිස්සේ රෝගාතුර වී ඇඳක සිටි බවත් දින දෙකකට ඉහත දී ඇය ප්‍රතිචාර දැක්වීම නැවැත්වූ බවයි.

පසුව ඇය ඇගේ අවයව ලබා දීමට කැමැත්ත පළ කර තිබූ නිසා ඔහු ඇයව මිනී පෙට්ටියක බහාගෙන කිලෝමීටර් 500 ක ගමනක් බැංකොක් හි රෝහලක් වෙත රැගෙන ගිය බව ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් නිල මරණ සහතිකයක් නොමැති නිසා රෝහල සහෝදරයාගේ යෝජනාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ නිසා නොමිලේ ආදාහන සේවා සපයන විහාරස්ථානය වෙත පැමිණ තිබෙනවා. අතුරුදන් වූ මරණ සහතිකය පිළිබඳ පන්සල් කාර්යමණ්ඩලය විමසමින් සිටියදී තට්ටු කිරීමේ හඬ ඇසී ඔවුන් පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...