අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල 2026 සඳහා වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද (25) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 7.04ක මුදලක් වෙන් කර ඇති අතර එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.04%ක් බව ඇය පෙන්වා දුන්නා.

රජය පත් වී පළමු වසර තුළ 6%ක් වැනි විශාල අනුපාතයක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බව රජය කිසිදු තැණක ප්‍රකාශ කර නොමැති බවත් අධ්‍යාපනය වෙනුවෙන් මෙවර වෙන් කර ඇති මුදල විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් ඇය කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“අප කොතැනකවත් කියලා නැහැ පළමු වසර තුළ අධ්‍යාපනයට 6%ක මුදලක් වෙන් කරනවා කියලා. අපි 2012 ඉඳලා ඒ සටන වෙනුවෙන් පෙනී සිටියා. අපි එතනදිවත් පළමු වසර තුළ 6%ක් දෙන්න කියලා ඉල්ලුවේ නැහැ. මොකද අපි දන්නවා ප්‍රතිපත්ති හැදුණ ශක්තිමත් ආයතන පද්ධතියක් ඇතුළේ විතරයි අධ්‍යාපනයට එතරම් මුදලක් වෙන් කරන්න පුළුවන් වෙන්නේ කියලා.

ඒ නිසා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අපි වැඩියෙන් වෙන් කරලා තියෙනවා. මේ ට්‍රෙන්ඩ් එකට ආයතන ශක්තිමත් කරමින් ප්‍රතිපත්ති හදන වේගයත් එක්ක මුදල වැඩිවෙනවා අනිවාර්යයෙන්.”

එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මිලියන 3000ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...