ඇස් අන්ධ වුණේ කෙහෙළියගේ බෙහෙතෙන් නෙවෙයි… සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ මෙරටට ගෙන්වූ බවට චෝදනා එල්ල වූ rednisolone eye drops යන ඖෂධය අදාළ ප්‍රශ්නගත අක්ෂි අන්ධභාවයට හේතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල මුද්‍රාව සහිත ලිපියකින් අදාළ ප්‍රශ්නයට මුහුණ දුන් රෝගීන් වෙත දන්වා යවා ඇති බව වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් වික්‍රමසිංහ මහතා 13/11/2025 දිනැති ලිපිය මඟින් ඉහත අක්ෂ දියරයේ නිසා ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ලෙනින් නිරෝෂන් මහතා වෙත ලිපියක් යවමින් ඉහත සඳහන් අක්ෂි දියරය භාවිතා කිරීම ඔහුගේ දෘෂ්ටිආබාධයට හේතුවක් නොවන බව යි දන්වා ඇත්තේ.

අදාළ සිදුවීම පිළිබඳ සිදු කළ විමර්ශනවලින් අනතුරුව ඔහුගේ දෑස් අන්ධවීම සඳහා මෙම ඖෂධයේ බලපෑමක් සිදු නොවූ බව අනාවරණය වූ බව දන්වා තිබෙනවා.

මෙම ලිපිය අදාළ රෝගියා සහ ඔහුගේ ඥාතීන්ගේ විමතියට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ජාතික අක්‍ෂි රෝහලේදී අදාළ ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව තමාගේ ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ බවට වෛද්‍ය වාර්තාවල සඳහන් වී ඇති බවත් ඉන් අනතුරුව තම පුද්ගලික වියදමින් ඉන්දියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙවැනි ලිපියක් නිකුත් වීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම දියරය භාවිත කිරීම නිසා දිවයින පුරා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයකට සදාකාලික හා තාවකාලික ආබාධිත තත්ත්වයට පත් වූ අතර විටින් විට එම රෝගීන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් විවිධ පැමිණිලි සහ උද්ඝෝෂණ පවා පවත්වනු ලැබුවා.

මේ අතර ඇස් ආබාධ තත්ත්වයට පත් රෝගීන් 17 දෙනෙකුට පමණක් වර්තමාන රජය වන්දි ප්‍රදානය කටයුතු කළ අතර ඉතිරි රෝගීන් දිගින් දිගටම තමන්ට අසාධාරණයක් සිදුවූ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනාධිපතිවරයාට පැමිණිලි කර සිටියා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ මෙම අක්ෂ දියරය ගෙනෙන ලද සමාගමට එරෙහිව මේ දක්වා අධිකරණය හමුවේ නිත්‍යානුකූලව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වී නැති බවයි.

මේ බව අවසාන වරට නිකුත් වූ විගණන වාර්තාවෙන්ද තහවුරු වී ඇති අතර මෙම සමාගමට එරෙහිව අධිකරණය කටයුතු ක්‍රියාත්මක කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන මැලිකම ප්‍රශ්න සහගත බවද සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

මාධ්‍යවේදීන් CID ගෙන්වීම නින්දිත ක්‍රියාවක් – විපක්ෂ නායක සජිත්

තමන් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළ සත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් මාධ්‍යවේදීන්...

බලංගොඩ කස්සප හිමිට වරෙන්තු…

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර...

ජාතික රෝහලේ හදවත් සැත්කම් සඳහා 5000ක් පෝළිමේ බලා සිටී…

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් සඳහා දැනට රෝගීන් 5,000...

ජන මාධ්‍ය ස්වයං නියාමනය කිරීමට සොයා බැලිය යුතුයි.. නිලන්ති කොට්ටහච්චි

ජන මාධ්‍ය ස්වයං නියාමනය සිදු විය යුත්තේ කෙසේද යන්න...