උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍ර දෙකම නුගේගොඩ ‘සක්යා’ එකෙන් ලීක් වෙලා…

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය නුගේගොඩ ‘සක්යා’ නම් උපකාරක පන්ති පවත්වනු ලබන ආයතනයෙන් විභාගයට පෙර නිකුත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත් මහතා අනාවරණයක් කරනු ලැබුවා.

විභාග දෙපාර්තමේන්තුවේ පළමුවැනි ප‍්‍රශ්න පත‍්‍රයේ ඇති ප‍්‍රශ්න 50න් 27ක් එම නිකුත් කරනු ලැබූ ප‍්‍රශ්න පත‍්‍රයෙහි අඩංගු බව ඔහු පෙන්වා දුන්නා

‘‘පළවෙනි ප‍්‍රශ්ණ පත‍්‍රයේ ප‍්‍රශ්ණ 27ක් සමානයි. දෙවැනි ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න 10න් ප‍්‍රශ්න 5ක් උපකාරක පන්ති ප‍්‍රශ්ණ පත‍්‍රයේ ප‍්‍රශ්නවලට හරියටම සමානයි.”‍

එම ප‍්‍රශ්න පත‍්‍ර දෙකම සභාගත කරමින් මේ පිළිබඳ රටේ කතිකාවක් යන බවත් වහාම ඒ පිළිබඳ විමර්ශනයක් කරන්නැයි මන්ත‍්‍රීවරයා සඳහන් කර සිටියා.

විශේෂයෙන්ම මෙම තත්ත්වය තුළ නුගේගොඩ සක්යා ආයතනයට පැමිණිය නොහැකි බදුල්ල, මොණරාගල, මහියංගනය සහ දොඹගහවෙල වැනි දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව මන්ත්‍රීවරයා දැඩිව පෙන්වා දුන්නේය. එක් ප්‍රදේශයක සිසුන් කණ්ඩායමකට පමණක් විභාග ප්‍රශ්න කල්තියා ලැබීම හරහා ‘සැමට අධ්‍යාපනය’ යන සංකල්පය සහමුලින්ම බිඳ වැටෙන බවත්, ග්‍රාමීය දරුවන්ට මෙමගින් විභාගය ජයගැනීමට ඇති සාධාරණ අවස්ථාව අහිමි වන බවත් හෙතෙම අවධාරණය කළේය.

Latest News

More like this

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...

නාය ගිහින් පැළුණු තැන්වලට පස් දමා කොටලා තද කළ විට අවදානම පහ වෙනවා.. සමන්ත විද්‍යාරත්න

ආපදා තත්ත්වය හමුවේ නාය ගිය ස්ථානවල පැලුණු භූ පැලුම්වලට...

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...