හරිනි ඇන්ද ටී ෂර්ට් එකක් ගැන සජිත්ගෙන් ප‍්‍රශ්නයක්…

රජය අධ්‍යාපනය සඳහා ක‍්‍රමිකව මුදල් වෙන් කිරීම වැඩි කරන බව වචනයෙන් සහ ක‍්‍රියාවෙන් පෙන්වා දී ඇතැයි අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

අග‍්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (26) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ ප‍්‍රතිපාදන පිළිබඳ යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දුන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සාමාජිකාවක් ලෙස අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එවකට අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් කළ යුතුය යන සටන් පාඨය නිර්මාණය කිරීමට මූලික වූ බවයි.

එම සටන් පාඨය තිබෙන ටී ෂර්ටය පවා පැළඳ උද්ඝෝෂණ කළ ද තමන්ගේ රජයක දී පවතින ප‍්‍රතිශතයට එහා ගිය ප‍්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කර ගැනීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායකවරයා සඳහන් කළා.

‘‘ඔබතුමියට කියන්න බැහැ, 6% වෙනුවෙන් පෙනී සිටියේ නැහැ කියලා. ඔබතුමිය ඒ ස්ලෝගන් එක තියෙන ටී ෂර්ට් පවා ඇඳගෙන පාරට බැස්ස කෙනෙක්.’’

ඊට පිළිතුරු ලබා දුන් අග‍්‍රාමාත්‍යවරිය පැවසුවේ අධ්‍යාපනය සඳහා 6% ක් වෙන් කිරීම අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තරය පවා පිළිගත් ප‍්‍රතිපත්තියක් වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරිය..,

‘‘විපක්ෂ නායකතුමා මම 2011 දි 2012 දි ඇඳපු ටී ෂර්ට් එක ගැනත් කතා කරන එක ගැන ස්තූතිවන්ත වෙනවා. එතරම් අවධානයක් අප ගැන තිබීම ගැන. සියයට 6 අරගලය වෙනුවෙන් එදාත් පෙනී සිටියා. අදත් පෙනී ඉන්නවා. සියයට 6 කියන්නේ ජ්‍යාත්‍යන්තර නිර්ණායකයක්. යුනෙස්කෝ එක විසින් දීලා තියෙන නිර්ණායකයක්. රජයක් විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු අවම මුදලක් ලෙස. ඒ වෙනුවෙන් අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර අරගලයකුත් තියෙනවා. ඒ අරගලය අප ආරම්භ කළේ 2011. 2011 සිට 2024 දක්වා ආණ්ඩු පාලනය කළේත් අධ්‍යාපනයට මුදල් වෙන් කළේත් අපේ ආණ්ඩුව නෙවෙයි. දැන් මේකට එකඟයි කියන අය පාලනය කරපු යුගයක් ඒ තිබුණේ. ඒ යුගයේ 6% අරගලයට මැදිහත් වෙන්නත් තිබුණා. අපි ආණ්ඩුව භාරගන්නකොට 1.4%ක අගයක් තිබුණේ. අපේ පළවෙනි අයවැයෙත් වැඩි කරා. දෙවැනි එකෙත් පෙන්නලා තියෙනවා. අපි පෙන්නලා තියෙනව 6% කියන ටාගට් එකට යන්න අපි වැඩ කරමින් ඉන්නවා කියලා.”‍

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...