මම ආණ්ඩුව විවේචනය කළේ නැහැ. මත්ද්‍රව්‍ය විනාශ කිරීමට යෝජනා කළා පමණයි…

මේතාක් ආණ්ඩු බලය හෙබවූ අනෙකුත් සෑම රජයකටම සාපේක්ෂව ජාතික ජන බලවේගයේ රජය විශාල මත්කුඩු ප්‍රමාණයක් වටලා ඇති බවත් ආණ්ඩුවේ එම වැඩපිළිවෙළට ගරු කරන බව ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතා පවසනවා.

එම අල්ලන මත්ද්‍රව්‍ය තොග ඒ මොහොතේම විනාශ කිරීමට පියවර ගන්නා ලෙස ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යෝජනා කර සිටියා.

සංගීත් විජේසූරිය මහතා මේ බව කියා සිටියේ ඊයේ (25) පැවති විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවට එක් වෙමිනි.

මීට පෙර පැවති ආණ්ඩුවලින් මේ ලෙසින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමක් සිදු නොකල බවත් යම් ලෙසකින් ඇල්ලු මත්ද්‍රව්‍ය කුරක්කන් පිටි හෝ වෙනත් මත්ද්‍රව්‍ය නොවන ද්‍රව්‍යක් වු බව ද හෙතෙම අවධාරණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වටලන අවස්ථාවේම මහේස්ත්‍රාත්වරයකු එම ස්ථනායට කැඳවා අවශ්‍ය සාම්පල පමණක් ලබාගෙන ඉතිරි මත්ද්‍රව්‍ය විනාශ කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. එලෙස අල්ලන මත්ද්‍රව්‍ය එම අවස්ථාවේම විනාශ කල යුතු බව තමා විසින් වසර ගණනාවක සිට පවසන බව පැවසු ඔහු එලෙස විනාස නොකරන එම මත්ද්‍රව්‍ය නැවත වෙළදපලට පැමිණි බව අවධාරණය කළා. සංගිත් විජේසුරිය මහතා මත්ද්‍රව්‍ය කාර්යංශයේ සේවය කරන අවස්ථාවේදි නිති සම්පාදනය කිරිම පිළිබඳව මිට පෙර පැවති ආණ්ඩුවලට පැවසුවද එය ක්‍රියාත්මක නොකල බව අවධාරණය කළා.

Latest News

More like this

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...

නාය ගිහින් පැළුණු තැන්වලට පස් දමා කොටලා තද කළ විට අවදානම පහ වෙනවා.. සමන්ත විද්‍යාරත්න

ආපදා තත්ත්වය හමුවේ නාය ගිය ස්ථානවල පැලුණු භූ පැලුම්වලට...

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...