ලෝකයේ අඩුවෙනකොට ලංකාවේ ඒඩ්ස්වල භයානක වැඩිවීමක්

ලෝකය ඒඩ්ස් රෝගය (HIV) අඩු කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබා ඇතත් නවතම දත්ත වලට අනුව ශ්‍රී ලංකාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ ගෝලීය වශයෙන් 2010 වසරට සාපේක්ෂව 2024 දී නව HIV ආසාදන 40% කින් පහත වැටී ඇති පසුබිමකය.

UNAIDS, HIV/AIDS පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන සඳහන් කරන්නේ පහත වැටීමේ අනුපාතය කලාපය අනුව තියුණු ලෙස වෙනස් වන බවත්, ශ්‍රී ලංකාව වැරදි හේතු නිසා කැපී පෙනෙන බවත්ය.

එම කාලය තුළ ඇස්තමේන්තුගත නව HIV ආසාදනවල 48% ක වැඩිවීමක් රට තුළ වාර්තා වී ඇති අතර එය HIV සම්ප්‍රේෂණය ඉහළ යාම පෙන්නුම් කරනවා.

2024 දී ශ්‍රී ලංකාව නව HIV රෝගීන් 824 ක් වාර්තා කළ අතර එය එක් වසරක් තුළ වාර්තා වූ ඉහළම අගය ලෙසයි පෙන්නුම් කළේ. එය පසුගිය දශකය තුළ දක්නට ලැබෙන ඉහළ යාමේ ප්‍රවණතාවය තව දුරටත් සනාථ කරන්නකි.

වර්තමාන ඇස්තමේන්තුවලින් පෙනී යන ආකාරයට රට තුළ පුද්ගලයින් 5,700 ක් පමණ (4,900 – 6,500 අතර) ජීවත් වන්නේ HIV වෛරසය සමඟයි.

2010 සිට 2024 දක්වා දත්ත මගින් වාර්තා වූ ආකාරයට HIV රෝගීන් සංඛ්‍යාව 2010 දී 121 සිට 2024 දී 824 දක්වා ස්ථාවර හා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරනවා.

වයස අවුරුදු 15 ට වැඩි පිරිමින් අතර රෝගීන් සංඛ්‍යාව නව ගුණයකින් වැඩි වී ඇති බවයි වාර්තාව පෙන්වා දී ඇත්තේ.

වයස අවුරුදු 15-24 අතර අය අතර ආසාදන සංඛ්‍යාව 2010 දී 13 සිට 2024 දී 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වඩාත්ම කැපී පෙනෙන වැඩිවීමක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 20-24 අතර පිරිමි පාර්ශවයේය. එම කාලය තුළ රෝගීන් සංඛ්‍යාව 10 සිට 91 දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.

Latest News

More like this

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...

අවුරුද්දක් යනතුරු කෝච්චියේ නුවර යන්න හිතන්නවත් බැහැ – නි. ඇමති ප්‍රසන්න

'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශ වූ මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන...