රටම අවුස්සන ප්‍රචාරක මෙහෙයුමක්.. පරිස්සමෙන්.. රජයට රතු එළියක්..

අද සිට ඉදිරි සතියක පමණ කාලය තුළ විවිධ අන්තවාදී ප්‍රචාර සමාජ මාධ්‍යවල මෙන්ම ඇතැම් සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට සංවිධානාත්මක සැලසුමක් තිබෙන බව හෙළි වී ඇතැයි ‘lankatruth.com’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

පැරණි ඡායාරූප සහ වීඩියෝ විකෘති කිරීම් මෙන් ම ව්‍යාජ අර්ථකථන සැපයීම් මගින් එම ප්‍රචාර දියත් කිරීමට නියමිත බවයි අදාළ පුවතේ දැක්වෙන්නේ.

පසුගිය දා නුගේගොඩ පැවැත්වූ රැළිය ඉලක්ක කර ගනිමින් ආගමික නොසන්සුන්තාවක් ඇති කිරීමට දරන ලද ප්‍රයත්නය මෙන් ම මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරා විද්‍යා පුවරු ගලවා දැමීම සිදු කිරීම් වැනි අන්තවාදී ක්‍රියා කිහිපයක් පසු ගිය සතියේ වාර්තා වුණා. එවැනි තවත් සිදුවීම්වලට ඉඩ ඇති බව අනාවරණය වී ඇතැයි ද එම වෙබ් අඩවිය අනාවරණය කර තිබෙනවා.

පසුගිය 21 දා නුගේගොඩ දී පවත්වන ලද දේශපාලන රැස්වීමේ දී ඉස්ලාම් ආගමික වතාවත් ඉටු කළ මෞලවිතුමන්ට මරණ තර්ජන ඇති බවට ප්‍රචාරයක් ද කරමින් පවතින බවත් එවැනි තර්ජනයක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ දුරකතන අංක සහ වෙනත් සාක්ෂි ඉදිරිපත් කර මේ දක්වා පැමිණිලි කර නොමැති බවත් එම පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා.

මේ ආකාරයේ විවිධ ප්‍රචාරවලට නොරැවටී ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව වෙනුවෙන් රජය ගෙන යන ක්‍රියාමාර්ග සමඟ දැනුවත්ව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි එම වෙබ් අඩවිය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

Latest News

More like this

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...