මාළු ඉන්න තැන් කියලා ධීවරයාට එවනවා කිව්ව SMS පණිවිඩය කෝ..

වත්මන් රජය පසුගිය ජනාධිපතිවරණයේ දී සෑම දිනකම උදෑසන මුහුදේ මාලු ඉන්නා ස්ථාන ධීවරයින්ගේ ජංගම දුරකථනයට SMS පණිවිඩයකින් දන්වන බව පොරොන්දු වුවද එය මෙතෙක් ඉටු වී නැතැ‍යි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවරධන මහතා සඳහන් කළා.

අද (26) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එය අමූලික බොරුවක් බවත් කිසිදු ධීවරයකුට එවැනි පණිවිඩ ලැබෙන්නේ නැති බවයි.

එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි නම් අඩුම තරමේ හිටපු අමාත්‍ය කාංචන විජේසේකට තෙල් ලීටරයකින් ලබා ගන්නවා කියූ රු 150 සහනය වත් ධිවර ජනතාවට ලබා දෙන්නැයි ඔහු සඳහන් කර සිටියා.

“මේවා මතක් කරන්න වෙනවා. ධීවර ජනතාව වෙනුවෙන් මේක මතක් කරන්න වෙනවා. දැන් මේ SMS පනිවිඩය යනවද? යනවනම් අපට කියන්නකෝ අහවල් ධීවරයට ඒ පණිවිඩය ගියා කියලා. අහවල් වරායේ බහුදින වරාය තියෙන අයට මේ පණිවිඩය ගියා කියලා කියන්නකෝ. මාළු ඉන්න තැන කියලා, මුහුදේ රළු භාවය කියලා.. එහෙම එකක් යන්නේ නැහැ. මේක අමූලික බොරුවක්. මේවා කියලා තමයි මිනිස්සු ඇන්දුවේ. අපි හිතුවා ගොවියා විතරයි ඇන්දුවේ කියලා. ගොවියා විතරක් නෙවෙයිනේ. දැන් ධීවරයත් අන්දලානේ. ලංකාවේ ඉන්න ධීවරයින්ගෙන් 90%ක් ඡන්දේ දුන්නේ මාළිමාවට. අඩුම තරමේ ඒක දෙන්න බැරි නම් ධීවරයින්ට කාංචන ඇමතිතුමා තෙල් ලීටරයකින් ගහගන්නවා කිව්ව රු 150.00 සහනයවත් දෙන්න.”

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...