සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් සමඟ ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට එක් වෙමිනි.

කර්මාන්තයක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ඒ සදහා සාධනීය විසදුම් ලබා දීමට මෙහිදී තීරණය වුණා.

සිනමාව කර්මාන්තයක් ලෙස 2025 වසරේදී ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා හිමි කර ගැනීමට සමත් වූ බව සිනමා පට බෙදාහරින්නන් සහ නිෂ්පාදකයින් ප්‍රකාශ කළ අතර එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා රජයේ උපරිම සහාය ලබා දෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

දලයිලාමාතුමන් ග්‍රැමී සම්මානයට නිර්දේශ වේ

අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මෑතකදී උන්වහන්සේගේ Meditations: The Reflections...