එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන් ජලයට යටවී තිබීම නිසා වෙළෙඳපොළට එළවළු, අල, ලූනු වර්ග සැපැයීම අඩුවී ඉදිරියේදී එම භාණ්ඩවල මිල වැඩිවෙනු ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසා තිබෙනවා.

දැනටමත් වෙළඳපොළේ එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධාන වශයෙන් එළවළු වගා කරන වගා බිම් පැවති වර්ෂාවත් සමඟ විනාශයට පත් වීම මත එළවළු හිඟතාවයක් ඇතිවීම හා ප්‍රවාහන මාර්ග අවහිර වීමත් මත මෙම තත්ත්වය ඇතිව තිබෙන බව සඳහන් වෙනවා.

පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා වෙළඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරමින් පවසන්නේ මේ අනුව උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාව විශාල ලෙස අසරණ තත්ත්වයකට පත් නොකරන ලෙසයි.

මෙම කළු කඩකාරයන්ගේ ක්‍රියාකලාපයන් සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරිය දැඩි අවධානය යොමුකර ඇති බවද ඒ මහතා සඳහන් කරනවා.

Latest News

More like this

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...