සුළි කුණාටුවක් එයි කිව්වට මෙහෙම එයි කියලා හිතුවෙ නැහැ.. කාලගුණෙන් මෙච්චර කියලත් බලධාරීන් ඇස් කන් වහන් හිටියේ ඇයි?

රට තුළ උද්ගත වී ඇති අයහපත් කාලගුණික තත්ත්වය බලධාරින් විසින් දින කිහිපයකට කලින් පෙන්වා දුන්නද එය කිසිවකුගේ අවධානයට ලක් නොවීම පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් 12 වැනිදා අද දෙරණ නාලිකාව ඔස්සේ විකාශය කෙරුණු ‘Big Focus’ වැඩසටහන ඔස්සේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා දිවයිනට ගිණිකොණ දිග මුහුදේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව පෙන්වා දී තිබුණා.

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී එය සුළි කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි පෙන්වා දෙන්නේ.

ඒ සමඟ රට තුළ කාලගුණ තත්ත්වය අයහපත් විය හැකි බවත් ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍ය බව ඔහු පවසා තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබඳ වගකිව යුතු සියලු පාර්ශවයන් වෙත දැනුම් දී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අද දෙරණ නාලිකාව අද (28) අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන සජීවි වැඩසටහනක් අතරතුර මෙම කරුණු අවධාරණය කළ අතර එහිදී චතුර අල්විස් මහතා සඳහන් කළේ මෙම සිදුවීම “ගහනවා කිව්වා.. මෙහෙම ගහයි කියලා හිතුවෙ නැහැ” යනුවෙන් විනාශකාරී සුළි සුළං තත්ත්වය නොසලකා හැර ඇති බවයි.

බලධාරින් එය නොසලකා හැරි නිසා ජනතාවද එය බැරෑරුම්ව නොතැකූ බව ඔවුන් පවසනවා.

මෙම තත්ත්වය නිසා මේ වන විට ගංවතුර, නායයාම් සමඟ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීමට නොහැකි මට්ටමට පත් ව ඇති බවද එහිදී සඳහන් වුණා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...