එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන් ජලයට යටවී තිබීම නිසා වෙළෙඳපොළට එළවළු, අල, ලූනු වර්ග සැපැයීම අඩුවී ඉදිරියේදී එම භාණ්ඩවල මිල වැඩිවෙනු ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසා තිබෙනවා.

දැනටමත් වෙළඳපොළේ එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධාන වශයෙන් එළවළු වගා කරන වගා බිම් පැවති වර්ෂාවත් සමඟ විනාශයට පත් වීම මත එළවළු හිඟතාවයක් ඇතිවීම හා ප්‍රවාහන මාර්ග අවහිර වීමත් මත මෙම තත්ත්වය ඇතිව තිබෙන බව සඳහන් වෙනවා.

පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා වෙළඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරමින් පවසන්නේ මේ අනුව උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාව විශාල ලෙස අසරණ තත්ත්වයකට පත් නොකරන ලෙසයි.

මෙම කළු කඩකාරයන්ගේ ක්‍රියාකලාපයන් සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරිය දැඩි අවධානය යොමුකර ඇති බවද ඒ මහතා සඳහන් කරනවා.

Latest News

More like this

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...

නාය ගිහින් පැළුණු තැන්වලට පස් දමා කොටලා තද කළ විට අවදානම පහ වෙනවා.. සමන්ත විද්‍යාරත්න

ආපදා තත්ත්වය හමුවේ නාය ගිය ස්ථානවල පැලුණු භූ පැලුම්වලට...

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...