ගම්පහට මහා ගංවතුර අනතුරු ඇඟවීමක්

ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට ඉදිරි පැය හයක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම නගරයේ වෙළඳ සැල් හිමිකරුවන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා තිබෙනවා.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතී.

එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපාංකවල ජල මට්ටම විශ්ලේෂණය අනුව මෙම පුරෝකථනය සිදුකර තිබෙනවා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...