අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන් හදිසි ආපදා තත්ත්වය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

මෙම කාලගුණික තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ පුළුල් විනාශය පිළිබඳව අගමැති මෝදි සිය හෘදයාංගම ශෝකය ජනාධිපතිවරයා වෙත පළ කළ බවයි වාර්තා වන්නේ.

අසීරු මොහොතේ ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ස්ථිර සහයෝගීතාවයෙන් කටයුතු කරන බව ඔහු පවසා තිබෙනවා.

ව්‍යසනයෙන් පසු ඉන්දියාව ලබා දුන් සහයෝගය වෙනුවෙන් ජනාධිපතිවරයා සිය ගැඹුරු කෘතඥතාව පළ කිරීමට මෙහිදී කටයුතු කර තිබෙනවා.

ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම වෙනුවෙන් ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළ බව සඳහන් ය.

විපතට පත් පුද්ගලයින් ගලවා ගැනීම සහ සහන ලබා දීම සඳහා සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා ජනාධිපති දිසානායක මහතාට මෙහිදී සහතික වූ බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...