විපතට පත්වූවන්ට පිහිටවීම සඳහා දළඳා මාළිගාව හා අස්ගිරි මල්වතු විහාරීය දායකත්වයෙන් රු කෝටි දෙකක අරමුදලක්

ආපදාවන්ට ලක් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරමින් සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ (01දා) මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කළ බව සඳහන් කර සිටියා.

පරිත්‍යාගශීලීන්ට මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ 003-2001-0010 2599 අංකය දරන ගිණුමට මුදල් බැර කරමින් තම දායකත්වය දැක්විය හැකි අතර විදෙස්ගතව සිටින පිරිසට ද SWIFT code – PSBKLKIX හරහා සිය මුදල් පරිත්‍යාග කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

‘මල්වතු අස්ගිරි උභය මහා විහාරයත් දළදා මාලිගාවත් එකතුවෙලා සමාජ සුබසාධන අරමුදලක් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරලා ගිණුමක් ආරම්භ කළා. මෙම ව්‍යවසනයට මුහුණ දුන් ජනතාවට කෙටිකාලීනව සහ දීර්ඝකාලීනව පිහිටවීම සඳහාත් නිවාස අහිමි වූ අය සඳහාත් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒ සඳහා මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කළා. 003-2001-0010 2599 ගිණුම් අංකයත් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා SWIFT code – PSBKLKIX කෝඩ් එක පාවිච්චි කරමින් අපි මේ අරමුදල ආරම්භ කරලා තියෙනවා.

අපි මේ අරමුදල ඇති කරලා තියෙන්නේ විනිවිදභාවයක් ඇතිව. ජාත්‍යන්තර විගණන සමාගමක විගණනයට මේ අරමුදල භාජනය කරන්න කටයුතු කර තියෙනවා. මෙහි විනිවිදභාවයත් අපි ස්ථිර කරලා තියෙන්නේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි මේ ප්‍රජා සත්කාරය සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා’ යැයිද දියවඩන නිලමේවරයා පවසනු ලැබුවා.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...