බෙදුම්වාදීන් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතන්න..

තමා අධිකරණයට තර්ජනය කිරීමක් කළ බවට ඇතැමුන් නඟන චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරයි. එම අසත්‍ය චෝදනාව තමාට එරෙහිව මුලතිව් නීතිඥවරුන් කරන්නා වූ උද්ඝෝෂණයට කිසිදු සෙවිල්ලක් නැතිව සහය දීමක් බඳු යැයි ද ඔහු පවසයි.

අපේ උරුමයන් විනාශ කරන බෙදුම්වාදී මැරයන් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතන ලෙසත් නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ආචාර්ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යවා ඇති ලිපියක සඳහන් කරයි.

ද්‍රවිඩ සංවිධානයේ මන්ත්‍රීවරයකු වන සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුව තුළ කළ ප්‍රකාශ ගැන නීතිඥ සංගමය නිහඬවීම ගැන ද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ප්‍රවෘත්ති කාරක මොනිකා පින්ටෝ නැමැත්තිය අපේ රටේ අධිකරණය ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව ගැන හා ඇගේ චෝදනා පිළිබඳව ද සඳහන් කර ඇති වීරසේකර මහතා එවැනි දෑ පිළිබඳ නිහඬතාව රැකීම ගැන තම විමතිය පළ කරන බවත් ඔහු පවසයි.

නමුත්, තමා ස්වෙච්ඡාවෙන් 2014 දී එහි සැසිවාරයට ගොස් එදා ඇතැමුන් අපේ අධිකරණය ගැන නැඟූ අපහාසාත්මක ප්‍රකාශ හෙළා දැකීම කළ බව ද ඔහු සඳහන් කර තිබේ.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...