ඖෂධ හිඟය හමුවේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම වහාම නතර කළ යුතුයි..!

රෝගීන් මියයන්නේ ප්‍රමිතියෙන් තොර එන්නත් හා ඖෂධ නිසා ද නැද්ද පිළිබඳව තහවුරු කරගත යුත්තේ තාක්ෂණික කමිටුවක් පත්කර ඒ ලබාදෙන වාර්තා මත බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මේ වනවිට සැළකිය යුතු පිරිසක් නිරපරාදේ මරණයට පත්ව තිබීම හේතූවෙන් දැනට භාවිතා කළ ඇතැම් නිර්වින්දන එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවට ඉන්දියාවෙන් අලුතෙන් ගෙන එන එන්නත ගෙන එන්නේ නිසි පරීක්‍ෂණයකින් පසුවදැයි විශේෂඥ වෛද්‍යවරයා විමසා සිටී.

රජයේ රෝහල්වල පවතින බරපතළ ඖෂධ හිඟය හමුවේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම වහාම නතර කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එසේ නොවුණහොත් සමස්ත සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයම කඩා වැටෙනු ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!