Cinema of Tommorrow සිනමා උළෙලේ අට වැනි උළෙල ඊයේ (02) ජාතික චිත්‍රපට සංස්ථාවෙ තරංගනී ශාලාවේ දී ආරම්භ වුණා.
එහි දි පෙ.ව 10.30 ට අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “මාරියා”, 2.30 ට ශ්‍යාම් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ “San Karami” සහ ප.ව 6.00 ට ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ “රහස් කියන කඳු” තිරගත වුණේ විශාල ප්‍රේක්ෂකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුවයි.
විශේෂයෙන්ම ජගත් මනුවර්ණගේ “රහස් කියන කඳු” (Whispering Mountains) දර්ශනයට පැමිණි ප්‍රේක්ෂකයින්ගෙන් තරංගනී ශාලාව අතුරු සිදුරු නොමැතිව පිරී ගියා.
පසු ගිය වසරේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සම්මාන උළෙලේ Bright Future අංශය නියෝජනය කළ රහස් කියන කඳු NGTPAC සම්මානයට පාත්‍ර වුණා.
මෙහි දී අදහස් දැක්වූ ජගත් මනුවර්ණ පැවසුවේ “රහස් කියන කඳු” මෙම ඔක්තෝම්බර් මාසයේ සිට තිරගත වීමට නියමිත බවයි.
අද පෙ.ව 10.30 ට ක්‍රිස් ඇන්තනිගේ “පාස්පෝර්ට්” 2.30ට චන්න දේශප්‍රියගේ “දුස්රා” සහ 6.00ට විසාකේස චන්ද්‍රසේකරම් ගේ “මනල්” තිරගත වීමට නියමිතය.



