දින 186 ක් අභ්‍යවකාශයේ මෙහෙයුම් කළ අරාබි ගගනගාමියා නිරුපද්‍රිතව පෘතුවියට

පුරෝගාමී එක්සත් අරාබි එමීර් හි ගගනගාමි සුල්තාන් අල් නෙයාඩි ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිය මාස හයක අසාමාන්‍ය මෙහෙයුම ජයග්‍රාහී ලෙස අවසන් කරමින් නැවත පෘතුවියට ආරක්ෂිතව ළඟා වී තිබෙනවා.

දින 186 ක් අභ්‍යාවකාශයේ ගත කළ නෙයාඩි ඇතුළු කාර්ය මණ්ඩලය SpaceX නිලධාරීන්ගේ සහය ඇතිව ඩ්‍රැගන් එන්ඩෝවර් වෙතින් ආරක්ෂිතව පිටතට පැමිණි බවයි වාර්තා පවසන්නේ.

මෙම මෙහෙයුම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යවකාශ ගවේෂණ සඳහා වන ගමනේ ස්මාරක පරිච්ඡේදයක් ලෙසයි සැලකෙන්නේ. ඒ සමඟ අල් නෙයාඩි දිගු කාලීන අභ්‍යවකාශ මෙහෙයුමක් සිදු කළ පළමු අරාබි ජාතිකයා ලෙස ඉතිහාසයට එක් වී සිටිනවා.

නෙයාඩි පෘතුවියට නැවත පැමිණෙන ගමන ගිය ආරම්භ කෙරුණේ ගිය ඉරිදා දිනයේ දීයි.

යානය ගොඩ බැස්වීමෙන් හරියටම පැයකට පසු අභ්‍යවකාශ යානයෙන් අවසන් වරට පිටතට පැමිණියේ අල් නෙයාඩි ය.

වෛද්‍ය පරීක්ෂණවලින් පසු කාර්ය මණ්ඩලය හූස්ටන් වෙත පියාසර කිරීමට නියමිත අතර ඔවුන් පවුලේ සාමාජිකයන් විසින් පිළිගැනීමට නියමිත බව පැවසෙනවා.

නෙයාඩිගේ දින 186 ක අභ්‍යාවකාශ ගත කල කාල සීමාව අතරතුර විශේෂ අවස්ථාවල ඡායාරූප මාධ්‍යවලට නිකුත් කර තිබුණේ මෙසේය.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...