ඉන්දියාවේ හඳට ගිය රොකටයට විධාන දුන් වලර්මතී නිහඬ වෙයි

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) විද්‍යාඥ එන් වලර්මතී (N. Valarmathi) රොකට් දියත් කිරීම් සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර ඇය හෘදයාබාධයකින් සෙනසුරාදා චෙන්නායිහිදී මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ හෘදයාබාධයක් හේතුවෙන් විද්‍යාඥවරිය පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බවයි.

“වලර්මතී සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් වැඩසටහන් කාර්යාලයේ රාජකාරී සිදු කළ අතර එහි සියලු අභ්‍යවකාශ දියත් කිරීම් පිළිබඳ ගණන් කිරීම ප්‍රකාශ කළ විද්‍යාඥයවරිය,” බව අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

ඇයගේ අවසාන ගණන් කිරීම වූයේ අගෝස්තු 23 වන දින චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැසීමෙන් ඉතිහාසගත වූ ඉන්දියාවේ තුන්වන සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන්-3 දියත් කිරීමයි.

හිටපු ISRO අධ්‍යක්ෂ ආචාර්ය පී.වී. වෙන්කිටක්‍රිෂ්ණන් X ඔස්සේ අවාසනාවන්ත පුවත බෙදා ගත්තේය.

ඔහු මෙසේ පළ කළේය: “ශ්‍රීහරිකෝට්ටේ සිට ISRO හි අනාගත මෙහෙයුම් ගණන් කිරීම සඳහා වලර්මතීගේ හඬ නොතිබෙනු ඇත.

චන්ද්‍රයාන් 3 ඇගේ අවසාන ගණන් කිරීමේ නිවේදනය විය. අනපේක්ෂිත වියෝවකි. ගොඩක් දුක හිතෙනවා. ප්‍රණාම්!”

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...