චාමර සම්පත් ලංකාවේ චැනල් අයි පතුරු ගහයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් 4 නාලිකාව නිකුත් කළ වීඩියෝ වාර්තාව සම්බන්ධයෙන් ඊයේ (6) දිනයේ පාර්ලිමේන්තුවේ උණුසුම් විවාදයක් ඇති වුණා.

එහි දී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා නම මාරු වී චැනල් 4 නාලිකාවට චැනල් අයි ලෙස කිහිප වතාවක් සඳහන් කරනු දක්නට ලැබුණා.

ඔහු එහි දී සඳහන් කළේ චැනල් අයි නාලිකාවට රාජපක්ෂවරු සමඟ යුද්ධය පැවති කාලයේ සිට තරහක් තිබූ බවයි.

ඔහු මෙසේ දිගින් දිගටම චැනල් 4 වෙනුවට චැනල් අයි යන්න භාවිත කළා.

කිහිප වතාවක් එසේ වැරැද්ද වීමෙන් පසු සෙසු මන්ත්‍රීවරු එය පෙන්වා දුන් අතර ඔහු සමාවගෙන එය නිවැරදි කර ගැනීමට කටයුතු කර තිබුණා.

Latest News

error: Content is protected !!