අබුඩාබි ලොතරැයියකින් ශ්‍රී ලාංකිකයෙකුට කෝටි 176 ක දිනුමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි බිග් ටිකට් ලොතරැයියේ නව දිනුම් ඇදීමෙන් රුපියල් කෝටි 176 ක (ඩිරාම් මිලියන 20 ක) දැවැන්ත ත්‍යාගය ශ්‍රී ලාංකිකයකුට හිමි වී තිබෙනවා.

එම ත්‍යාග මුදල දිනාගෙන ඇත්තේ තුරෙයිලිංගම් ප්‍රභාගර් නමැති ශ්‍රී ලාංකිකයෙකි.

ඔහු මීට වසර 16 කට පෙර ශ්‍රී ලංකාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත සංක්‍රමණය වූවෙක් වන අතර දැනට ඩුබායි හි සමාගමක අධීක්ෂකවරයෙකු ලෙස සේවය කරයි.

තුරෙයිලිංගම් පසුගිය වසර 5 තුළ ඔහුගේ මිතුරන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ බිග් ටිකට් මිලදීගෙන ඇතැයි පැවසේ.

“ජයග්‍රහණය විශාල කම්පනයක් ඇති කළා.අපි තාමත් එයින් ගොඩ ඇවිත් නෑ.මම හිතන්නෙ මේ ජයග්‍රහණය ජීවිතය වෙනස් කරාවි” යැයි ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...